වැදගත් සිදුවීම්

ශ්‍රීලංනානෞ රංගල ආයතනයේ 52 වන සංවත්සරය නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක්

2019 සැප්තැම්බර් 08 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රංගල’ ආයතනයේ 52 වන සංවත්සරය නිමිත්තෙන් ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් මහේන්ද්‍ර වීරරත්න ඇතුළු නැව් මුළුව විසින් ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී.

07 Sep 2019

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 07) අළුයම කොකිලායි ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

07 Sep 2019

‘ආඥාපති කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ ‘ආඥාපති කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලිය 2019 සැප්තැම්බර් 04 වන දින සිට 07 වන දින දක්වා ත්‍රිකුණාමලය, සැන්ඩිබේ වෙරළ තීරයේදී අති සාර්ථකව නිමාවට පත්විය.

07 Sep 2019

ජාතික තරුණ සේවා රූපවාහිනී කාන්තා සුපර් ලීග් වොලිබෝල් තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට

33 වන ජාතික තරුණ සේවා රූපවාහිනී අභියෝග ශූරතා සුපර් ලීග් වොලිබෝල් තරඟාවලිය 2019 සැප්තැම්බර් මස 02 වන දින සිට 06 වන දින දක්වා මහරගම, තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පැවති අතර, එහිදී කාන්තා ශූරතාවය නාවික හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම හිමි කර ගැනීමට සමත් විය.

07 Sep 2019

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (සැප්තැම්බර් 07) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

07 Sep 2019

සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් හබරාදූව වෙරළ තීරය පිරිසිදු කිරීමට නාවික හමුදාව එක්වෙයි

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් අද (සැප්තැම්බර් 07) දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් හබරාදූව වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

07 Sep 2019