ජාතික තරුණ සේවා රූපවාහිනී කාන්තා සුපර් ලීග් වොලිබෝල් තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට

33 වන ජාතික තරුණ සේවා රූපවාහිනී අභියෝග ශූරතා සුපර් ලීග් වොලිබෝල් තරඟාවලිය 2019 සැප්තැම්බර් මස 02 වන දින සිට 06 වන දින දක්වා මහරගම, තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පැවති අතර, එහිදී කාන්තා ශූරතාවය නාවික හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම හිමි කර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සඳහා කාන්තා වොලිබෝල් කණ්ඩායම් 06 ක් සහභාගී වූ අතර, එහිදී යුධ හමුදා කණ්ඩායම, කැෂුලයින් කණ්ඩායම, ජාතික තරුණ සේවා සභා කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම මූලික වටයේ තරඟවලදී පරාජය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදී.

ඒ අනුව, අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම වට 3-1 ලෙස පරාජය කරමින් නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික තරුණ සේවා රූපවාහිනී සුපර් ලීග් වොලිබෝල් තරගාවලියක කාන්තා ශූරතාවය ලබා ගැනීමට සමත් විය.