‘SAPPERS 4x4 GYMPO -2019’ තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

‘SAPPERS 4x4 GYMPO -2019’ යතුරු පැදි තරඟාවලිය 2019 සැප්තැම්බර් 08 වන දින ඇඹිලිපිටිය, තුංකම ශ්‍රී ලංකා යුද හමුදා ඉංජීනේරු බළකා ධාවන පථයේදී පැවැති අතර, එහිදී නාවික හමුදාව ජයග්‍රහණ රැසක් හිමිකර ගන්නා ලදී.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 07 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී තම දක්‍ෂතාවයන් සහ හැකියාවන් පිළිඹිබු කරමින් මතු සඳහන් ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් විය.


අශ්ව බල 125 ස්ටෑන්ඩඩ් අංශය

තෙවන ස්ථානය - නායක නැවි එම්එන් පෙරේරා


අශ්ව බල 125 රේසිං අංශය

තෙවන ස්ථානය - බල නැවි (ශාඅ) එදිරිසිංහ


අශ්ව බල 250 ස්ටෑන්ඩඩ් අංශය (පළමු තරඟය)

ප්‍රථම ස්ථානය - සාමාන්‍ය නැවි ඊබි ගුරුසිංහ

තෙවන ස්ථානය - සාමාන්‍ය නැවි ඩිඑම්ඩිඑස්ජේ සදරුවන්


අශ්ව බල 250 ස්ටෑන්ඩඩ් අංශය

පළමු ස්ථානය - සාමාන්‍ය නැවි ඊබි ගුරුසිංහ

සිව්වන ස්ථානය - සාමාන්‍ය නැවි ඩිඑම්එස්එස් සදරුවන්


අශ්ව බල 250 රේසිං අංශය (පළමු තරඟය)

තෙවන ස්ථානය - සාමාන්‍ය නැවි ඊබි ගුරුසිංහ


අශ්ව බල 250 රේසිං අංශය (දෙවන තරඟය)

ප්‍රථම ස්ථානය - සාමාන්‍ය නැවි ඊබි ගුරුසිංහ