වැදගත් සිදුවීම්

ජ්‍යේෂ්ඨ නාවිකයින් 49 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 49 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (සැප්තැම්බර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

09 Sep 2019

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් 2019 සැප්තැම්බර් 09 වන දින නාවික හමුදා බාරයට ගෙන ඇත.

09 Sep 2019

‘SAPPERS 4x4 GYMPO -2019’ තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

‘SAPPERS 4x4 GYMPO -2019’ යතුරු පැදි තරඟාවලිය 2019 සැප්තැම්බර් 08 වන දින ඇඹිලිපිටිය, තුංකම ශ්‍රී ලංකා යුද හමුදා ඉංජීනේරු බළකා ධාවන පථයේදී පැවැති අතර, එහිදී නාවික හමුදාව ජයග්‍රහණ රැසක් හිමිකර ගන්නා ලදී.

09 Sep 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 01.94 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 සැප්තැම්බර් 08 වන දින හම්බන්තොට, සමෝදාගම ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01.94 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

09 Sep 2019

නීති විරෝධී ලෙස ව්‍යාපාර කටයුතුවල නිතර වූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු (02) ‍නාවික හමුදා බාරයට

නාවික හමුදාව 2019 සැප්තැම්බර් 08 වන දින සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයේදී ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් ව්‍යාපාර කටයුතුවල නිරත වූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

09 Sep 2019