ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් 2019 සැප්තැම්බර් 09 වන දින නාවික හමුදා බාරයට ගෙන ඇත.

උතුරු නාවික විධානය මඟින් කෝවිලම් තුඩුවට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී මොවුන් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. ඒ අනුව, නාවික හමුදා බාරයට ගත් ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙතත්, ධීවරයින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනය වෙතත් රැගෙන ඒමට කටයුතු කරන ලදී.

එහිදී එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය. තවද, ශ්‍රී ලංකාවට අයත් මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම උදෙසා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් ඉන්දීය ධීවරයින් දේශ සීමා නීති උල්ලංඝනය කර ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කර්මාන්තය සිදු කිරීම මැඩපැවැත්වීමට හැකියාව ලැබි ඇති අතර, මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටී.