වයඹ නාවික විධානයේ අභිනවයෙන් ඉදිකරන ලද තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානය විවෘත කෙරේ

වයඹ නාවික විධානයේ අභිනවයෙන් ඉදි කරන ලද තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල අද (2019 සැප්තැම්බර් 10) වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා විසින් විවෘත කරන ලදී.

ඒ අනුව, පරිගණක අළුත්වැඩියා කිරීමේ පහසුකම් සහිත මෙම තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව සඳහා වයඹ නාවික විධානයට අයත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් රැසක් සහභාගීවී සිටියහ.