‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවක් කොළඹදී

2019 සැප්තැම්බර් 14 වන දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවක් අද (සැප්තැම්බර් 10) ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි, සෝනියා කෝට්ටේගොඩ මැතිණියගේ ප්‍රදානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී, අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මැතිණිය ඇතුළු යුද්ධ හමුදා, ගුවන් හමුදා, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයන්හි සභාපතිනීයන් ද සහභාගීවී සිටියහ.

ඒ අනුව, රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ අරමුණින් ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය මුලිකත්වයෙන් සහ ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයන් හා එක්ව සංවිධානය කරනු ලබන මෙම සංගීත ප්‍රසංගය සඳහා දිවයිනේ ප්‍රකට ගායක ගායිකාවන් රැසක් සහභාගීවිමට නියමිතය.