දකුණු නාවික විධානය භාර ආඥාපති හම්බන්තොට වරායේ නිරික්ෂණ චාරිකාවක

දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් 2019 සැප්තැම්බර් 11 වන දින හම්බන්තොට වරායේ ආරක්ෂක කටයුතු සම්බන්ධව නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී ආඥාපති විසින් හම්බන්තොට වරායේ ක්‍ෂණික විහිදුම් කලාප, ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂක පහසුකම් කාර්යාලය සහ මෙහෙයුම් මැදිරිය ඇතුළු වරාය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලදී.

තවද, හම්බන්තොට වරායේ වර්ථමාන ආරක්ෂක සැලැස්ම පිළිබඳව නාවික ස්ථානගතකිරිම ‘හම්බන්තොට’ නාවික අණභාර නිලධාරි සහ අණදෙණ නිලධාරි විසින් ආඥාපති දැනුවත් කරන ලද අතර, එහිදී ආරක්ෂක රාජකාරි වල නියුතු නාවික පුද්ගලයින්ගේ සේවාව ආඥාපතිවරයා ප්‍රසංශාවට ලක් කරන ලදී. එමෙන්ම, තව දුරටත් අවධානය යොමුවිය යුතු කරුණු පිළිබඳව අදාල අංශ වෙත උපදෙස් ලබා දුන් ආඥාපතිතුමා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදාව සතු සුවිශේෂි වගකිම පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කරන ලදී.

මෙම නිරික්‍ෂණ චාරිකාව සඳහා නාවික අණභාර නිලධාරී (හම්බන්තොට) සහ විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.