ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගෝකණ්න’ ආයතනය සිය 06 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගෝකණ්න’ ආයතනයේ 06 වන සංවත්සරය අද (සැප්තැම්බර් 12) අභිමානවත් ලෙස සමරන ලදි.

ඒ අනුව, අද දිනට යෙදී තිබූ සංවත්සරය නිමිත්තෙන් එම ආයතනයේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් (නාසෙ) ප්‍රියන්ත හේරත් ඇතුළු නැව් මුළුව විසින් සංවත්සර උත්සවය උත්කර්ශවත් අයුරින් පැවැත්විමට කටයුතු කර තිබුණි. නාවික සාම්ප්‍රදායානුකූලව අද උදෑසන ආයතනයේ අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීම සිදු කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරිතුමා විසින් නැව් මුළුව ඇමතීමට ද කටයුතු කරන ලදි.

තවද, අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්වීමෙන් අනතුරුව සංවත්සර වැඩසටහන් මාලාව නිමාවට පත්විය.