වැදගත් සිදුවීම්

අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය 2019 සාර්ථක ලෙස නිමාවට පත් වේ

නාවික පුද්ගලයින්ගේ ගොඩබිම් සටන් පුහුණුව සමබන්ධ වෘත්තීය දැනුම වර්ධනය කර ගැනීම අරමුණු කර ගනිමින් පවත්වනු ලැබූ නාවික හමුදා අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය 2019 සැප්තැම්බර් 03 වන දින සිට 12 වන දින දක්වා උතුරු මැද නාවික විධානය‍ට අයත් පූනෑව, ශ්‍රි ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ වෙඩි පිටියේදී සාර්ථක ලෙස නිමාවට පත් විය.

13 Sep 2019

නිකවැරටිය සහ මහව ප්‍රදේශයන්හිදී ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් විවෘත කෙරේ

නිකවැරටිය සහ මහව ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් අද (සැප්තැම්බර් 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ජනතා අයිතියට පත් කෙරුණි.‍

13 Sep 2019

ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගෝඨාභය’ ආයතනය සිය 06 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගෝඨාභය’ ආයතනයේ 06 වන සංවත්සරය 2019 සැප්තැම්බර් 12 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.

13 Sep 2019