කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 සැප්තැම්බර් 14 වන දින මූතුර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය සහ මූතුර් පොලිසිය එක්ව මූතුර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 25 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සැකකරු කේරළ ගංජා අලෙවි කිරීම සඳහා සුදානම්ව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සිදු කළ වැඩිදුර විමර්ශනයේදී ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව අනාවරණය කරගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 22 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මූතුර් පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, මෙලෙස මත්ද්‍රව්‍ය ලඟ තබා ගන්නා ලද පුද්ගලයින් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.