ජෙලට්නයිට් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් දෙකක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 20 වන දින ත්‍රිකුණාමලය, එරක්කන්ඩි වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා ජෙලට්නයිට් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් දෙකක් (02) සොයා ගැනීමට සමත් වී ඇත.

නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, එරක්කන්ඩි වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි ඩිංගි යාත්‍රාවක් තුළ සඟවා තිබූ ‍මෙම චාර්ජස් දෙක මෙලෙස සොයාගෙන ඇති අතර, මෙම චාර්ජස් මසුන් ඇල්ලීම සඳහා රැගෙන යෑමේ අදහසින් මෙම ස්ථානයේ සඟවා ඇති බවට සැක පළ කෙරේ.