වත්තල, හේකිත්ත ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

වත්තල, හේකිත්ත ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්විම සඳහා 2019 සැප්තැම්බර් 20 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

ඒ අනුව, වත්තල පොලිසිය විසින් සිදුකළ දැනුම් දීමකට අනුව වහාම ක්‍රියාත්මක වු නාවික හමුදාව එම ස්ථානය වෙත කඩිනමින් ගිනි නිවීමේ කණ්ඩායමක් යැවීමට කටයුකු කරන ලද අතර, ඒ සඳහා ගිනි නිවීමේ රථ සහ වතුර බවුසර් ඇතුළුව නාවික පුද්ගලයින් විශාල පිරිසක් අනුයුක්ත කෙ‍රිණි.

එහිදී ප්‍රදේශවාසින්ගේ ද සහාය ඇතිව වත්තල නගර සභා ගිනි නිවිමේ ඒකකය සහ නාවික හමුදා ගිනි නිවිමේ ඒකකය එක්ව ගින්න නිවා දැමීම‍ට කටයුතු කරන ලදී.