වැදගත් සිදුවීම්

ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

2019 සැප්තැම්බර් 16 වන දින සිට සැප්තැම්බර් 21 වන දින දක්වා ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක් ප්‍රකාශයට පත් කර තිබු අතර, එයට සමගාමිව සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය හා එක්ව ශ්‍රි ලංකා නාවික හමුදාව වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතිය පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී.

21 Sep 2019

නාවික හමුදා මෙහෙයුමක් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 1616 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 20 දින ඉරණතිව් දූපත ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

21 Sep 2019

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 20 වන දින පුල්මුඩේ, කෝකිලායි කලපු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත.

21 Sep 2019

වත්තල, හේකිත්ත ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

වත්තල, හේකිත්ත ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්විම සඳහා 2019 සැප්තැම්බර් 20 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

21 Sep 2019

ජෙලට්නයිට් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් දෙකක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 20 වන දින ත්‍රිකුණාමලය, එරක්කන්ඩි වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා ජෙලට්නයිට් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් දෙකක් (02) සොයා ගැනීමට සමත් වී ඇත.

21 Sep 2019