නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 20 වන දින පුල්මුඩේ, කෝකිලායි කලපු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් පුල්මුඩේ, කෝකිලායි කලපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් පිරිසක් නිරික්‍ෂණය කර ඇති අතර, සිදු කල වැඩිදුර විමර්ශනයේදී තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත.

එම පුද්ගලයින් වයස අවුරුදු 20, 24, 27 සහ 30 වන වියෙහි පසුවන මිගමුව, පුත්තලම සහ කෝකිලායි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී නීති වි‍රෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් දැලක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න කුච්චවේලි, ධීවර පරික්‍ෂක වෙත භාරදිමට කටයුතු කෙරුණි.