නාවික හමුදා මෙහෙයුමක් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 1616 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 20 දින ඉරණතිව් දූපත ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

උතුරු මැද නාවික විධානය විසින් ඉරණතිව් දූපත ආශ්‍රිත වෙරළ තීරයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී වෙරළට ගොඩගසා තිබූ බිඩී ‍කොළ කිලෝග්‍රෑම් 1616 ක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, ඒවා පාර්සල් 24 ක අසුරා තිබියදි මෙලෙස සොයා ගැනීමට සමත්ව ඇත. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දෙන ලදි.

තවද, ජාවාරම්කරුවන් විසින් මෙම බීඩී කොළ නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන ඒමට උත්සහ කලද නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් මෙම ජාවාරම් මැඩපැවැත්විමට හැකියාව ලැබී ඇත.

ඒ අනුව මෙම වසර තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 34000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.