ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

2019 සැප්තැම්බර් 16 වන දින සිට සැප්තැම්බර් 21 වන දින දක්වා ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක් ප්‍රකාශයට පත් කර තිබු අතර, එයට සමගාමිව සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය හා එක්ව ශ්‍රි ලංකා නාවික හමුදාව වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතිය පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, සියළු නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් පසුගිය සතිය පුරා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ අතර, ඒ සඳහා පාසල් ළමුන්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිලධාරීන් සහ මහජනතාව ගේ සහයෝගය ද හිමි විය. ඒහිදී වෙරළ තීරයන් ආශ්‍රිත පරිසර පද්ධතිය තුල තිබු අහිතකර පොලිතීන්, ප්ලාස්ටික් සහ දිරාපත් නොවන ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

මීට අමතරව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ දූරදර්ශී නායකත්වය යටතේ නීල හරිත සංකල්පය නාවික හමුදාව තුළ ක්‍රියාවට නැංවීම සඳහා සෑම නාවික විධානයකම මෙවැනි පරිසර හිතකාමි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී සිටින අතර, සතිපතා සියළුම නාවික කඳවුරු ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. එහි මුලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවට අයත් වෙරළ තීරය ආරක්‍ෂා කොට සුන්දර වෙරළ තීරයක් බවට පත් කිරීමයි.


ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් නැගෙනහිර නාවික විධානයේ දායකත්වය


ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් බටහිර නාවික විධාන දායකත්වය


ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් වයඹ නාවික විධාන දායකත්වය


ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් දකුණු නාවික විධාන දායකත්වය


ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් ගිණිකොන නාවික විධාන දායකත්වය


ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් උතුරු මැද නාවික විධාන දායකත්වය