දේශීය ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 සැප්තැම්බර් 21 වන දින පොතුවිල්, ලාහුගල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී දේශිය ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගිණිකොන නාවික විධානය සහ පොතුවිල් පොලිසිය එක්ව පොතුවිල්, ලාහුගල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර ඇති අතර, එහිදී එම සැකකරු පරීක්‍ෂා කිරීමෙදී ඔහු ලඟ තිබී දේශීය ගංජා ග්‍රෑම් 468 ක් සොයාගෙන ඇත. ඒ අනුව, සකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහු විසින් මෙම ගංජා ප්‍රමාණය ලාහුගල සිට පොතුවිල් දක්වා රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. සිදු කළ වැඩිදුර විමර්ශනයේදී ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව අනාවරණය කරගෙන ඇති අතර, සැකකරු වයස අවුරුදු 43 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හදුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ දේශිය ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පොතුවිල් පොලිසිය විසින් සිදු කරනු ලබන අතර, මෙලෙස මත්ද්‍රව්‍ය ලඟ තබා ගන්නා ලද පුද්ගලයින් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.