කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ මන්නාරම, පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව අද (2019 සැප්තැම්බර් 23) මන්නාරම, එලූත්තූර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ මන්නාරම, පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව මන්නාරම, එලූත්තූර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 50 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සැකකරු කේරළ ගංජා අලෙවි කිරීම සඳහා සුදානම්ව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. තවද, මෙම සැකකරු වයස අවුරුදු 19 ක් වන මන්නාරම, තාල්පාඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු, කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නරම පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, මෙලෙස මත්ද්‍රව්‍ය ලඟ තබා ගන්නා ලද පුද්ගලයින් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.