පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයෙන් ආර්පීජී බෝම්බයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 23 වන දින පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී ආර්පීජී බොම්බයක් සොයා ගන්නා ලදී.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී ආර්පීජී බෝම්බයක් මෙලෙස සොයා ගෙන ඇති අතර, මෙම අත් බෝම්බය මානුෂිය මෙහෙයුම් පැවැති සමයේ මෙම ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බවට සැක පළ කෙරේ. සොයා ගන්නා ලද බෝම්බය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පුල්මුඩේ, පොලිසිය විසින් සිදු කරනු ලබයි.