වැදගත් සිදුවීම්

ශ්‍රීලංනානෞ ‘රණගජ’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (අවි) රුක්මල් එදිරිසිංහ වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණගජ’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (අවි) රුක්මල් එදිරිසිංහ අද (සැප්තැම්බර් 24) වැඩ භාර ගන්නා ලදී.

24 Sep 2019

මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 65 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 23 වන දින කච්චතිව් දුපතට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ කිලෝග්‍රෑම් 65 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

24 Sep 2019

පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයෙන් ආර්පීජී බෝම්බයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 23 වන දින පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී ආර්පීජී බොම්බයක් සොයා ගන්නා ලදී.

24 Sep 2019

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය

මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිලවා ගේ උපදෙස් මත පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් විවිධ ප්‍රදේශවල මේවන විට අනුයුක්ත කර ඇත.

24 Sep 2019

තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් හයදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 23 වන දින කඩියවැල්ල තුඩුවට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන ඇත.

24 Sep 2019