උතුරු නාවික විධානය වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

2019 සැප්තැම්බර් 16 වන දින සිට සැප්තැම්බර් 21 වන දින දක්වා ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක් ප්‍රකාශයට පත් කර තිබු අතර, එයට සමගාමිව නාවික හමුදාව විසින් වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතිය පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, උතුරු නාවික විධානය මඟින් සංවිධානය කරන ලද මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනේදී විධානයට අයත් වෙරළ තීරයන්හි සුන්දරත්වයට හානිවන අයුරින් විසිරී තිබූ ප්ලාස්ටික් ඇතුළු කැලිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කර වෙරළ තීරය පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නීල හරිත පාරිසරික සංකල්පය යටතේ නාවික හමුදාව විසින් දිවයින වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් මෙවැනි පරිසර හිතකාමි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.