නීති විරෝධී ධීවර කටයුතු පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්

නීති විරෝධී ධීවර කටයුතු පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2019 සැප්තැම්බර් 24 වන දින නැගෙනහිර නාවික විධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

‘නීති විරෝධී ධීවර ආම්පන්න සහ ක්‍රියාකාරකම් ඉවත් කිරීම’ යන තේමා යටතේ ධීවර හා ජලඡ සම්පත් දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන ලද මෙම වැඩමුළුව සංවිධානය කරන ලද්දේ, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේනතුවේ නැගෙනහිර කලාප භාර අධ්‍යක්‍ෂ ගේ සහය ඇතිව නාවික හමුදා 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමුහය විසිනි.

ඒ අනුව, මෙම වැඩමුළුව ධීවර හා ජලඡ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (පුහුණු), ආර්.එස්.ඒ. රත්සර බණ්ඩාර මහතා, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් මෙහෙයවන ලදී. නැගෙනහිර මුහුදේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව අතර අවබෝධය ඇති කිරීම මෙම වැඩමුළුවේ අරමුණ වීය.

මෙම වැඩමුළුව සඳහා නාවික හමුදා සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේනතුවට අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.