නාවික හමුදාව විසින් බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 25 වන දින ත්‍රිකුණාමලය, සූඩෙයිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක් අතරතුරදී බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකක් සොයාගැනීමට සමත් විය.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට විසින් ත්‍රිකුණාමලය, සූඩෙයිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි කිරීමක් අතරතුරදි සැකකටයුතු පාර්සලයක් නිරීක්ෂණය කර ඇති අතර, එය වැඩි දුර පරීක්ෂා කිරීමේදී එහි අසුරාතිබු මෙම බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය සොයාගෙන ඇත.