බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 1243.3 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 25 වන දින මන්නාරම, සව්ත්බාර් සහ ඕලුතුඩුවායි ප්‍රදේශයන්වල සිදු කළ සෝදිසි කිරීම් වලදී පාර්සල් 34 ක අසුරා තිබු බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 1243.3 ක් සොයා ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම, සව්ත්බාර් ප්‍රදේශයේ වෙරළ ආශ්‍රීත සිදුකල විශේෂ පා මුර සංචාරයකදී වෙරළේ නවතා තිබු සැකකටයුතු බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් නිරීක්ෂණය කර ඇති අතර, එය වැඩිදුර පරීක්ෂා කිරීමේදි එහි තිබු සැකකටයුතු පාර්සල් 12 ක් සොයා ගෙන ඇත. එම පාර්සල් වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී එවාහි අසුරා තිබු බීඩී කොළ කිලෝග්‍රෑම් 368.4 ක් සොයාගෙන ඇත. .

තවද, මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ ආශ්‍රිත සිදුකල විශේෂ පා මුර සංචාරයකදී වෙරළට ගොඩ ගසා තිබු පාර්සල් 22 ක තිබී බීඩි කොළ කිලෝග්‍රෑම් 874.9 ක් ද සොයාගෙන ඇත.

මෙලෙස සොයා ගන්නා ලද බීඩි කොළ තොගය සහ බොලෙරෝ වර්ගයේ කැබ් රථය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතය. ඒ අනුව, නාවික හමුදාව විසින් මෙම වර්ෂය තුල සිදුකරන ලද සෝදිසි කිරීම් වලදී බීඩි කොළ ටොන් 35 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත.