ශ්‍රීලංනානෞ උත්තර ආයතනයේ ‘නැණසල’ උතුරු නාවික විධානය භාර ආඥාපති විසින් විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ අයතනයේ ප්‍රතිසංස්කරණය කරන ලද ‘නැණසල’ අද (2019 සැප්තැම්බර් 26) උතුරු නාවික විධානය භාර ආඥපති, රියර් අද්මිරාල් කපිල සමරවීර විසින් විවෘත කෙරුණි.

මෙම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනයට අනුයුක්ත නිලධාරීන් මෙන්ම නාවිකයින් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.

ඒ අනුව, ශ්‍රීලංනානෞ උත්තර ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ පරිගණක හැකියාවන් වර්ධනය කර ගැනීමට සහ ලිපි ලේඛණ කටයුතු කඩිනමින් ඉටු කර ගැනීමට මෙමඟින් අවස්ථාව උදාවනු ඇත.