නාවික හමුදාව උතුරු වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් 2019 සැප්තැම්බර් 26 උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් කුසුමන්තුරෙයි, මර්සන්කුඩාල් සහ මණ්ඩතිව් දුපත ආශ්‍රිත වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන සඳහා නාවික පුද්ගලයින් රැසක් සහභාගිවී සිටියහ. තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ නීල හරිත පාරසරික සංකල්පය යටතේ මෙවැනි වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් සියළු නාවික විධානයන් තුල සිදු කිරීමට කටයුතු යොදා ඇත.