සුන්දර දකුණු වෙරළ තීරය රැක ගැනීමේ නාවික හමුදා මෙහෙයුම

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2019 සැප්තැම්බර් 28) දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී.

ඒ අනුව, දකුණු නාවික විධානය විසින් ගාල්ල, මහමෝදර වෙරළ තිරය සහ තංගල්ල, පරවි වැල්ල වෙරළ තීරය පිරිසිඳු කිරීමේ වැඩසටහන් මෙලෙස ක්‍රියාත්මක කරන ලද අතර, එහිදී වෙරළ තීරයන් හි විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු කැළිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.‍‍‍

දිවයින වටා වූ වෙරළ පරිසර පද්ධතිය අපද්‍රව්‍යවලින් තොර සුන්දර වෙරළ තීරයක් බවට පවත්වාගෙන යෑමට අපි සැම කටයුතු කළ යුතු වන අතර, එම යුතුකම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි. එමඟින් වෙරළ හා වෙරළ ආශ්‍රිතව පරිසර පද්ධතිය මතුපරපුර වෙනුවෙන් සුරක්‍ෂිත කිරීමට හැකියාව ලැබෙනු ඇත. ‍‍‍