ශ්‍රී ලංකා නාවික නෞකා ‘තක්‍ෂිලා’ ආයතනය සිය 12 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තක්‍ෂිලා’ ආයතනයේ 12 වන සංවත්සරය 2019 සැප්තැම්බර් 28 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.

ඒ අනුව, අද දිනට යෙදී තිබූ සංවත්සරය නිමිත්තෙන් එම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් (මාලිමා) ප්‍රියල් විතානගේ ඇතුළු නැව් මුළුව විසින් සංවත්සර උත්සවය උත්කර්ශවත් අයුරින් පැවැත්විමට කටයුතු කර තිබුණි. නාවික සාම්ප්‍රදායානුකූලව අද උදෑසන ආයතනයේ අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීම සිදු කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරිතුමා විසින් නැව් මුළුව ඇමතීමට ද කටයුතු කරන ලදි.

තවද, අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්වීමෙන් අනතුරුව සංවත්සර වැඩසටහන් මාලාව නිමාවට පත්විය.

.