මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින තුනුක්කායි, ඉල්ලුප්පායිකඩවායි ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ චෙඩ්ඩිකුලම්, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව තුනුක්කායි, ඉල්ලුප්පායිකඩවායි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.085 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම කේරළ ගංජා තොගය නිවසක් තුල සඟවා තිබියදී මෙලෙස සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මොහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව හඳුනාගෙන ඇත.

සැකකරු සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉල්ලුප්පායිකඩවායි, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී. තවද, ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් මෙරට නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන හා අලෙවි කරනු ලබන පුද්ගලයින් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත.