ශිල්ප සේනා ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා දායකත්වය

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද “ ශිල්පසේනා ප්‍රදර්ශණය - ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය” 2019 වැඩ සටහන 2019 සැප්තැම්බර් මස 25 වන දින සිට 29 වන දින දක්වා පොලොන්නරුව, කදුරුවෙල ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වු අතර, එම ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා ප්‍රදර්ශණ කුටියක් එක් කොට තිබිණි.

නාවික හමුදා, ප්‍රදර්ශණ කුටිය නැරඹීම සඳහා නන් දෙසින් පැමිණි පාසැල් ළමුන් ඇතුළු ජනතාව නාවික හමුදාව සම්බන්ධයෙන් තොරතුරු රැසක් මෙන්ම නාවික ප‍ර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නව නිපැයුම් නැරඹීමට ඉතා උනන්දුවෙන් එක් විය. තවද, නාවික හමුදාව සිදුකරනු ලබන තැලසීමියා ව්‍යාපෘතිය හා ප්‍රති ආශ්‍රිත ජල පිරිපහදු යන්ත්‍ර නිශ්පාදනය හා ක්‍රියාකාරීත්වය පිළිබඳවඳ තොරතුරු දැනගැනිමට පාසැල් ළමුන් හා පොදු ජනතාවට මෙමගින් මහඟු අවස්ථාවක් උදාවිය.