ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක දකුණු නාවික විධානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ජපාන තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක අද (ඔක්තෝබර් 01) වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.

ඒ අනුව, සංචාරය සදහා සහභාගි වී සිටින ශ්‍රී ලංකාවේ ජපාන තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ගාකු ෆුකුරා දකුණු නාවික විධාන මුලස්ථානයේදී දකුණු ප්‍රදේශභාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් හමුවු අතර, සුහද පිළිසදරකින් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදි.

තවද, ජපාන ආරක්ෂක උපදේශක, නාවික ස්ථානගත කිරීම හම්බන්තොට අණදෙන නිලධාරී සමඟ සුහද කතා බහක නිරතවු අතර, හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ආරක්ෂාව හා නාවික හමුදාවේ කාර්යභාරය පිලිබඳව දැනුවත් කිරීමක් සිදු කරන ලදී.