හක් බෙල්ලන් 658 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ සින්නකුඩිඉරිප්පු පොලිසිය එක්ව 2019 ඔක්තෝම්බර් 01 වන දින කල්පිටිය, සින්නකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හක් බෙල්ලන් 658 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානය සහ සින්නකුඩිඉරිප්පු පොලිසිය එක්ව කල්පිටිය, සින්නකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මෙම හක්බෙල්ලන් තොගය සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 42 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, එම සැකකරු සහ හක් බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, ධිවර හා ජලජ සම්පත් පනතට අනුව මිලි මීටර් 70 ට වඩා අඩු විශ්කම්භයකින් යුතු හක්බෙල්ලන් සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිණීම, ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.