වලංගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 01 වන දින තලෙයිමන්නාරම, ඌරුමලේ සිදු කළ සෝදිසි කිරීමකදී වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු සහ හක් බෙල්ලන් 226 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ දී සිදුකල සෝදිසි කිරීමකදී සැකකටයුතු කැබ් රථයක් නිරීක්ෂණය කර ඇති අතර, එය පරීක්‍ෂා කරීමේදී එහි ප්‍රවාහනය කරමින් තිබු හක් බෙල්ලන් ප්‍රමාණය සමඟ පුද්ග‍ලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. එම හක් බෙල්ලන් තොගය ඌරුමලේ සිට පේසාලේ දක්වා ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයා වයස අවුරුදු 51 ක් වන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. මෙම පුද්ගලයා, හක් බෙල්ලන් ප්‍රමාණය සහ කැබ් රථය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

තවද, ධීවර හා ජලජ සම්පත් පනතට අනුව මිලි මීටර් 70 ට වඩා අඩු විශ්කම්භයකින් යුතු හක්බෙල්ලන් සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිණීම, ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.