නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් හා හක් බෙල්ලන් ළග තබාගත් පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝම්බර් 02) අළුයම චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 550 ක් හා හක් බෙල්ලන් 04 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදී ධීවර අවසරපත් නොමැතිව මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම පුද්ගලයින් වයස අවුරුදු 28 ත් 34 ත් අතර වියෙහි පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම මුහුදු කූඩැල්ලන්,හක්බෙල්ලන්, පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.