ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් දියේ ගිලුනු පුද්ගලයෙකු සොයා ගැනීමට සහාය වෙයි

නාවික හමුදාව විසින් අද (ඔක්තෝම්බර් 02) උදෑසන සිදුකරන ලද කිමිදුම් මෙහෙයුමක් මගින් බොගවන්තලාව, කෙහෙල්ගමු ඔයෙහි ගිලි මිය ගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් සොයා ගැනීමට සමත්විය.

ඒ අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් බොගවන්තලාව, කෙහෙල්ගමු ඔයෙහි ගිලී මිය ගොස් තිබු වයස අවුරුදු 53 ක් වන එම ප්‍රදේශයේම පදිංචි පිරිමි පුද්ගලයෙකුගේ මල සිරුරක් සොයාගෙන ඇත. මෙම මල සිරුර එම පුද්ගලයා දියේ ගි‍‍ලුනායැයි සැක කරන ස්ථානයේ සිට කිලෝ මීටර් තුනක් පමණ දුරින් ඔයෙහි පතුලේ තිබී සොයා ගෙන ඇති අතර,වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා මෙම මල සිරුර බොගවන්තලාව පොලිසිය වෙත භාර දෙන ලදී.