ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනය සිය 12 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනයේ 12 වන සංවත්සරය 2019 සැප්තැම්බර් 27 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.

ඒ අනුව, සැප්තැම්බර් 27 වන දිනට යෙදී තිබූ සංවත්සරය නිමිත්තෙන් එම ආයතනයේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් අ‍ශෝක වීරෙස්කර ඇතුළු නැව් මුළුව විසින් විවිධ ආගමික වැඩසටහන් මෙන්ම සමාජ සත්කාරක සේවා රැසක් සිදුකරමින් සංවත්සර උත්සවය උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට කටයුතු කර තිබුණි. නාවික සාම්ප්‍රදායානුකූලව එදින උදෑසන ආයතනයේ අණදෙන නිලධාරීගේ අංශ පිරික්සීම සිදු කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරි විසින් නැව් මුළුව ඇමතීමට ද කටයුතු කරන ලදි.

තවද, අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්වීමෙන් අනතුරුව සංවත්සර වැඩසටහන් මාලාව නිමාවට පත්විය.