කේරළ ගංජා ග්‍රෑම් 20 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ ජා-ඇල පොලිසිය එක්ව 2019 ඔක්තෝම්බර් 02 වන දින ජා-ඇල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 20 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය සහ ජා-ඇල පොලිසිය එක්ව ජා-ඇල, කොහුමෝල හංදියේ යොදා තිබු මාර්ග බාධකයේදී සැක කටයුතු ත්‍රී රෝද රථයක් පරික්ෂා කිරිමේදි එහි සිටි පුද්ගලයන් ලඟ තිබි මෙම කේරළ ගංජා ප්‍රමාණය,නියුරෝන් වර්ගයේ පෙති ඇසුරුමක් සහ ශ්‍රී ලංකා වලංගු මුදලින් රු 49,370.00 ක් සොයාගෙන ඇත.

එම සැකකරුවන් දෙදෙනා, ත්‍රී රෝද රථය, නියුරෝන් වර්ගයේ පෙති ඇසුරුම කේරළ ගංජා ප්‍රමාණය සහ මුදල් ප්‍රමාණය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා ජා-ඇල, පොලිසිය වෙත බාරදෙන ලදි.