කුච්චවේලි මුහුදේ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝයාවක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 02 වන දින ත්‍රිකුණාමලය,කුච්චවේලි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රීකුණාමලය, කුච්චවේලි වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරිමකදී වෙරළට ආසන්නයේ මුහුදේ පාවෙමින් තිබු සැකකටයුතු බෝයාවක් නිරීක්ෂණය කොට එය පරීක්ෂා කිරීමේදි එහි සුරක්ෂිතව අසුරා තිබු විදුලි නොවන ඩෙටනේටර් 04 ක්, ආරක‍්‍ෂිත වෙඩි නූල් 04 ක් සහ පුපුරණ ද්‍රව්‍ය යැයි සැකකරන ග්‍රෑම් 60 ක ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන ඇත.සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරණු ලබයි.