කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.6 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ඔක්තෝම්බර් 02 වන දින යාපනය, මරුතන්කේනි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.6 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය සහ යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව යාපනය, මරුතන්කේනි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී යතුරු පැදියකින් ගමන්ගත් සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්ෂණය කර ඇති අතර, එහිදි සිදුකල පරික්ෂාවේදි සැකකරු ලඟ තිබි මෙම කේරල ගංජා තොගය හමු වී ඇත. එහිදී එම සැකකරු,යතුරුපැදිය සහ කේරළ ගංජා තොගය නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම සැකකරු වයස අවුරුදු 20 ක් වන යාපනය, තලයාඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව හඳුනාගෙන ඇති අතර, එම සැකකරු, යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා පලෙයි, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.