නුවර වැවේ ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 03) අළුයම නුවර වැවේ ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය විසින් මහනුවර දළදා මාලිගාව ඉදිරිපස ඇති නුවර වැවේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයෙකු සහ ඔහු විසින් ධීවර කටයුතු සඳහා යොදාගත් ධීවර දැල් දෙකක් සහ ටියුබයක් සමඟ නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයා, ධීවර දැල් සහ ටියුබය ඉදිරි නීතිමය කටයුතු සඳහා මහනුවර දළදා මාළිගාව පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.