කේරළ ගංජා සහ දේශිය ගංජා ලඟ තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පුත්තලම, පොලිසිය එක්ව අද (ඔක්තෝම්බර් 03) පුත්තලම, පාලවි ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරිමකදී කේරළ ගංජා ග්‍රෑම් 1.087 ක් සහ දේශිය ගංජා ග්‍රෑම් 7.900 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානය සහ පුත්තලම, පොලිසිය එක්ව පාලවි, කරබේ හංදියේ මාර්ග බාධකයේදී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී මෙම කේරළ ගංජා සහ ගංජා ප්‍රමාණය සොයාගෙන ඇත. සොයා ගන්නා ලද කේරළ ගංජා හා දේශිය ගංජා ප්‍රමාණය, මෝටර් රථය සහ පුද්ගලයා නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙම පුද්ගලයා වයස අවුරුදු 58 ක් වන ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර, එම කේරළ ගංජා හා දේශිය ගංජා ප්‍රමාණය, මෝටර් රථය සහ පුද්ගයා ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, පොලිසිය වෙත භාරදෙන ලදී.