නාවික හමුදාව තහනම් ධීවර දැල් දෙකක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 03 වන දින ත්‍රිකුණාමල, වෙරුගල් මුහත්තුවරම් මුහුදු ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලය, ඉරක්කන්ඩි මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම් වලදී නිතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් දෙකක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට විසින් ත්‍රිකුණාමල, වෙරුගල් මුහත්තුවරම් මුහුදු ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලය, ඉරක්කන්ඩි මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම් වලදී නිතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් දෙකක්, ඩිංගි යාත්‍රාවක් සහ ධීවර ආම්පන්න කිහිපයක් සොයාගෙන ඇති අතර, අදාල ධීවර දැල්, ඩිංගි යාත්‍රාව සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.