ගාල්ල දෙවට ප්‍රදේශයේ තෙමහල් නිවසක ඇතිවු ගින්න නිවා දැමීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ ගාල්ල ගිනි නිවිමේ ඒකකය එක්ව 2019 ඔක්තෝම්බර් 04 වන දින ගාල්ල දෙවට ප්‍රදේශයේ කජුවත්ත විහාරය අසල තෙමහල් නිවසක ඇති වු ගින්න නිවාදැමිමට සමත්ව ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානය සහ ගාල්ල ගිනි නිවිමේ ඒකකය එක්ව ගාල්ල දෙවට ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දු වීම හේතුවෙන් ඇති වු ගින්නක් නිවා දැමීමට සමත්ව ඇත. මෙලෙස ගින්නක් හටගෙන ඇතිබව ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නාවික හමුදා මුලස්ථානයට කල දැනුම් දීමකට අනුව ක්‍රියාත්මක වු නාවික හමුදාව දකුණු නාවික විධාන ගිනි නිවීමේ කණ්ඩායම එම ස්ථානයට පිටත් කර යැවීමට කටයුතු කල අතර, ඔවුන් ගාල්ල නගර සභා ගිනි නිවිමේ කණ්ඩායම සමඟ එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කරන ලදී.