කේරළ ගංජා කිලෝග්‍රෑම්122.2 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝම්බර් 05) අළුයම මාදගල් සහ කොවිලම් තුඩුව අතර මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 122.2 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් මාදගල් සහ කොවිලම් තුඩුව අතර, මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදි සැකකටයුතු යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර, එය පරීක්ෂා කිරීමේ දී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත. මෙලෙස සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය, පුද්ගලයින් දෙදෙනා, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න නාවික හමුදා බාරයට ගෙන ඇති අතර,මෙම පුද්ගලයින්, කේරළ ගංජා තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදෙන ලදී.