ශ්‍රීලංකා නාවික හමුදා අන්තර් විධාන බැඩ්මින්ටන් තරගාවලිය - 2019

2019 වර්ෂය සඳහා වු ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන බැඩ්මින්ටන් තරඟාවලිය 2019 සැප්තැම්බර් මස 30 වන දින සිට ඔක්තෝබර් 04 වන දින දක්වා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨ බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී.

ඒ අනුව, මෙම තරඟාවලියේ අවසන් දවස වූ පසුගිය 04 වන දින ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් උපුල් ද සිල්වා සහභාගි විය. තවද, මෙම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සහභාගිවි සිටියහ.

මෙම තරඟාවලියේ පිරිමි ශූරතාවය නාවික දියත් විධානය විසින්ද අනු ශූරතාවය බටහිර නාවික විධානයද හිමිකර ගත් අතර, කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් හා අනු ශුරතාවය දකුණු නාවික විධානය විසින් හිමිකර ගැනීමට සමත් විය .