බීඩිකොළ කිලෝග්‍රෑම් 1050 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් ඔක්තෝම්බර් 05 වන දින තලෙයි මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදි බීඩිකොළ කිලෝග්‍රෑම් 1050 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුරදි සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් නිරික්ෂණය කර ඇති අතර, එම ඩිංගි යාත්‍රා පරික්ෂා කිරීමකදී පාර්සල් 30 ක බහා තිබූ බීඩී කොළ තොගය සමඟ සැකකටයුතු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු 19 ත් 44 ත් අතර වියෙහි පසුවන මන්නාරම, තාල්පාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා සහ බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී .