බලපත්‍රයක් නොමැතිව කිමිදුම් කටයුතු වල නිරත වු පුදගලයින් හත්දෙනෙකු (07) ක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 වන දින ත්‍රිකුණාමලය, මොහොත්තුවාරම් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමක දී බලපත්‍රයක් නොමැතිව කිමිඳුම් කටයුතු වල නිරත වු පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, මොහොත්තුවාරම් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී බලපත්‍රයක් නොමැතිව කිමිඳුම් කටයුතු වල නිරිත වු පුද්ගලයින් පිරිසක් නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙම පිරිස සතුව තිබි ඩිංගි යාත්‍රා දෙකක් සහ කිමිඳුම් කටයුතු සඳහා යොදා ගන්නා ආම්පන්න තොගයක් සොයා ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් වයස අවුරුදු 25 ත් 48 ත් අතර වියෙහි පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

මෙලෙස නාවික හමුදා බාරයටගත් අනවසර කිමිඳුම් කරුවන්, ඩිංගි යාත්‍රා සහ කිමිඳුම් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.