නාවික හමුදාව තහනම් ධීවර දැල් දෙකක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 වන දින මඩකළපුව, කළපුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක දී නිතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් දෙකක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් මඩකලපුව, කළපුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක දී නිතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් දෙකක් සොයාගෙන ඇති අතර, අදාල ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.