වැදගත් සිදුවීම්

කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 වන දින මනක්කාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

06 Oct 2019

ගාල්ල කඵවැල්ල ශාන්ත මරීයා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා දායකත්වය

ගාල්ල කඵවැල්ල ශාන්ත මරීයා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත්, කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 ඔක්තෝබර් 05 වන දින පැවති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

06 Oct 2019

අනතුරට පත් විදේශිය රුවල් යාත්‍රාවක් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් ඔක්තෝම්බර් 05 වන දින හම්බන්තොට වරායට ඔබ්බෙන් වූ මුහුදේදී ආපදාවට පත් විදේශිය රුවල් යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි.

06 Oct 2019

නාවික හමුදාව තහනම් ධීවර දැල් දෙකක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 වන දින මඩකළපුව, කළපුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක දී නිතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් දෙකක් සොයා ගැනීමට සමත්ව ඇත.

06 Oct 2019

තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් විසිතුන්දෙනෙකු (23) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 ත්‍රිකුණාමලය, සිනන්වේලි මුහුදු ප්‍රදේශයේ සහ වලෙයිතොට්ටම් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් විසිතුන්දෙනෙකු (23) නාවික හමුදා බාරයට ගෙන ඇත.

06 Oct 2019

බලපත්‍රයක් නොමැතිව කිමිදුම් කටයුතු වල නිරත වු පුදගලයින් හත්දෙනෙකු (07) ක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 වන දින ත්‍රිකුණාමලය, මොහොත්තුවාරම් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමක දී බලපත්‍රයක් නොමැතිව කිමිඳුම් කටයුතු වල නිරත වු පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගෙන ඇත.

06 Oct 2019